Thursday, January 12, 2012

Java - mysql + java with netbeans

මම අද සරල වැඩසටහන් යටතේ කියලා දෙන්නේ Netbeans පාවිච්චි කරලා අපේ ජාවා program එක සහ MySQL ඩේටාබේස් එකක් connect කරගන්න විදිය.
දැන් සමහර කට්ටිය බලනවා ඇති මොකද්ද මේ Netbeans කියන්නේ කියලා. Netbeans කියන්නේ ජාවා program හදන්න අපිට ඉතාමත් පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන් IDE (Integrated development environment) එකක්. මේක අපිට free download කරගන්න පුලුවන්.
මේක තාම install කරගෙන නැති කට්ටිය පහල තියන link (ලින්ක්) එකට ගිහින් download කරගන්න පුලුවන්. එහෙම කරගෙන install කරගන්න.
http://netbeans.org/
දැන් netbeans open කරගෙන File ------> New project කියන එක select කරන්න. එතකොට අලුතෙන් window එකක් open වේවි.

ඒකෙන් ජාවා කියන එක යටතේ තියන Java Application කියන එක select කරලා next කියන එක ඔබන්න. project නමට තමන් කැමති නමක් දෙන්න පුලුවන්. ඊට පස්සේ finish කියන එක ඔබන්න.

දැන් කට්ටියට මෙන්න මේ වගේ තමයි screen එක පේන්නේ. Librares කියන එක උඩ right click කරලා add library කියන එක select කරන්න. එතකොට අලුතෙන් window එකක් open වේවි. ඒකෙන් MYSQL JDBC DRIVER කියන එක select කරලා add library කියන button එක ඔබන්න.

දැන් අපි අලුතෙන් ජාවා class එකක් හදන්න යන්නේ. ඒකට source packages කියන එක උඩ roght click කරන්න. එතකොට එන menu එකෙන් new කියන එක select කලාම තවත් menu එක්ක එයි. අන්න ඒ menu එකෙන් java Class කියන එක select කරන්න. එකට DatabaseConnection කියන නම මම පාවිචිචි කරනවා. කැමති නමක් දෙන්න පුලුවන්.
package එකටත් තමන් කැමති නමක් දෙන්න පුලුවන්. මම ඒකට db කියලා දෙනවා.

class එකට අදාල code එක ගහලා ඉවර උනාම class එක පහල තියන එක තමයි තියෙන්න ඔනේ.

public class DatabaseConnection {
    public static Connection createConnection(String userName, String password, String datbaseName) throws SQLException {
        DriverManager.registerDriver(new com.mysql.jdbc.Driver());
        Connection connection = DriverManager.getConnection("jdbc:mysql://localhost:3306/"+datbaseName, userName, password);
        return connection;
    }
}

ඔන්න අපි දැන් mysql database  එකත් එක්ක ගණුදෙනු කරන්න ඕනේවෙන connect එකක් හදාගන්න ඔනේ method එක නම් හදලා ඉවරයි.
දැන් තියෙනෙන් මෙන්න මේ method එක අපිට ඕනේ තැනකින් call කරන එක තමයි. එහෙම call කරනකොට අපේ databse එකේ නමයි, username එකයි, password එකයි pass කරන්න ඔනේ.
එතකොට අපිට database එකත් එක්ක coonection එකක් හදලා දෙනවා. ඒ හැදෙන connection එකත් එක්ක database එක manipulate කරන්නේ කොහොමද කියන එක වෙන දවසක බලමු.

1 comment:

  1. Where to Bet on Sports To Bet On Sports In Illinois
    The https://deccasino.com/review/merit-casino/ best sports bet types and bonuses available in Illinois. sol.edu.kg The most common sports betting titanium ring options available. Bet $20, Win 토토사이트 $150, Win $100 novcasino or

    ReplyDelete