Friday, January 6, 2012

ජාවා - JAVA

මේක ජාවා ගැන නොදන්න කට්ටියට සරලව කියල දෙන්න හදන වෑයමක්.
අපි මුලින්ම බලමු මේ ජාවා කියන්නේ මොකද්ද කියලා.
ජාවා කියන්නේ 3 වෙනි පරම්පරාවේ programming language එකක්.Programming නොදන්න කෙනෙක්ට මුලින්ම ජාවා ඉගන ගන්න ලේසියි. ජාවා ලේසි උනාට මේකෙන් කරන්න බැරි වැඩක් නෑ 6 (3 වෙනි පරම්පරාවේ language වල තියන විශේෂ ලක්ශණය තමයි ඒවා මිනිස්සුන්ට තේරුම් ගන්න ලේසියි වගේම ගොඩක් ලේසියෙන් අපේ වැඩ කර ගන්න පුලුවන්.)
ජාවා කරලියට ආවේ 1995 Sun Microsystems (දැන්නම් මේක ORACLE අරගත්තා) වෙතින්. ජාවා අපි අතරට ආවේ James Gosling, Patric Nughton, Mike Sheridan කියන 3 දෙනා පටන් ගත්ත ‘Oak’ කියන ප්‍project එකේ ප්‍රතිඵලයක් විදියට.
සමහර විට කට්ටිය අහල ඇති SmallTalk කියල language එකක් ගැන. ඒක තමයි 1st OO (object oriented ) language එක. ඒ උනාට OO language එකක් විදියට වැඩියෙන්ම ජනප්‍රිය උනේ ජාවා.
ජාවා ලක්ශණ – Java characteristics.
- මේක හෙනම සරලයි.
- ඕනේ මගුල් operating system එකක run කරන්න පුලුවන්. (හැබැයි එහෙම කරන්න JVM java virtual machine එක තියෙන්න ඔනේ) ඒ ක්යන්නේ ජාවා portable.
- programming කරනකොට අපිට RAM එක ගැන වැඩිය හිතන්න ඕනේ නෑ. ජාවා ඒක අපි වෙනුවෙන් බලා ගන්නවා.
- මේක කොහොමත් OO language එකක්
- Multi threaded. (සරලව කිවුවොත් මේ කියන්නේ අපිට එක program එකක් ඇතුලේ තව program ගොඩක් run කරවන්න පුලුවන්. eg – Media player එක ගත්තොත් එකේ video එක play වෙනකොට අර පොඩියට තියන seek bar එකත් වැඩ, sounds වැඩ, time එක පෙන්නනවා මේවගේ වැඩ හෙන ගානක් වෙනවා ඒවා තමයි Thread)
- Robust
- Secure
- මේකට සත පහක් වත් ගෙවන්න ඔනේ නෑ
තව ගොඩක් තියනවා. මට සිංහලෙන් type කරලා අත රිදෙනවා.
මෙන්න මේ video එක බලපල්ලා


No comments:

Post a Comment