Saturday, January 7, 2012

Java Installation

ජාවා install කිරීම

ජාවා වලින් වැඩ කරන්න නම් අපිට මුලින්ම ජාවා JDK එක install කරගන්න ඕනේ. 
දැන් තියන අලුත්ම එක තමයි JDK 1.7. අපිට JDK එක මෙන්න මේකෙන් download කරගන්න පුලුවන්.
http://www.oracle.com/technetwork/java/j...index.html

මෙතන JAVA API එක තියනවා.
http://download.oracle.com/javase/6/docs/api/

JDK එක downlaod කරලා normal software එකක් install කරන විදියට install කර ගන්න.

ඊට පස්සේ අපි බලමු කොහොමද Java path එක set කරගන්නේ කියල.ගොඩක් වෙලාවට JDK එක install කරන කොටම OS එකෙන් path එක set කරගන්නවා. (Path එක set වෙලාද කියලා බලන්න CMD එකට ගිහින් 'javac' type කරල enter ඔබලා බලන්න. එතකොට error message එකක් වගේ ආවොත් ඒ කියන්නේ තාම path එක set වෙලා නෑ.)

මේ path එක set කරන එක ක්‍රම දෙකකට කරන්න පුලුවන්
1. තාවකාලිකව set කිරීම
2. Permanent set කිරීම 

තාවකාලිකව set කිරීම
CMD එකට ගිහින් 'path = C:\Program Files (x86)\Java\jdk1.6.0_24\bin' (මෙතනට දාන්න ඔනේ ඔයගොල්ල JDK install කරපු location එකේ තියන bin කියන folder එකේ path එක).එහෙම නැතිනම් මේ වැඩේම .bat file එකක් use කරල කරන්නත් පුලුවන්.
notepad එකේ 'path = C:\Program Files (x86)\Java\jdk1.6.0_24\bin' කියලා type කරල file එකේ නමට ඕනේ නමක් දීලා අගට .bat කියලා දෙන්න. ඊට පස්සේ file type එකට All files කියන එක select කරලා save කරන්න.
ඒ හැදුනු file එක උඩ double click කරල run කරන්න.
[Image: cmd.jpg]

Permanent set කිරීම 
Computer එකේ system properites වලට යන්න.එකේ ඇති advanced කියලා tab එකක්. ඒක select කරන්න. එකේ යටම ඇති Environment variables කියලා button එකක්. ඒක click කරන්න. එකේ system variables කියන කොටසේ ඇති PATH කියල එකක්. ඒක select කරල යට තියන edit button එක click කරන්න. එතකොට එන window එකේ තියන variable value කියන තැන අන්තිමට ';' දාලා ඔයාලගේ JDK/bin path එක දීලා Ok කරන්න.


[Image: sys_prop.jpg]
[Image: edit.jpg]
[Image: save.jpg]


No comments:

Post a Comment