About

හ්ම්ම් ආතල් එකටත් එක්ක මම බ්ලොග් එකක් ලියන්න් පටන් ගත්තේ කැම්පස් ඇවිල්ලා මාස දෙකකින් විතර. මොකද ඒ කාලේ තමයි මම පාසලත් එක්ක තිබ්බ නෑදැකම් ඉවර කොලේ.ඒ කියන්නේ 2009 අවුරුද්දේ අන්තිම හරියේ.

කොහොමින් කොහොම හරි ඔහොම මම පටන් ගත්ත බ්ලොග් එකනම් මෙලෝ රහක් නෑ. ඒ කාලේ එකේ ලිව්වේ එක එක ජාතියේ නිසදැස්.දැන් ඒ ලියපු ඒවා කියවනකොට මේවා ලිවුවේ මමද කියලත් හිතෙන වෙලාවල් තියනවා. ඒ වගේම මොන මඟුලකට මේවා ලිවුවද කිලත් සමහර වෙලාවට හිතෙනවා. කැමති කට්ටිය ඉන්නවනම් මෙන්න ලින්ක් 1.  http://ttdrulez.blogspot.com/

දැන් ඉතින් ඒ සොඳුරු චාටර් අතිතේ වැඩක් නෑ. ඒ බ්ලොග් එකම ටිකක් හැඩය වෙනස් කරල ගන්න කියලා හිතුවත් ඒකට මොරාල් එකක් තිබ්බේ නෑ.

ඔන්න ඔහොම ලත වෙවී ඉන්නකොට තමයි මයික්‍රොසොෆ්ට් එකෙන් අපිට ව් ර්ක් ශොප් එකක් තියන්නේ. අන්න එකේදි සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ කාලිංග ඇතුලත්මුදලි අයියා ඇවිත් බ්ලොග් ගැන පොඩි අදහස් ටිකක් ඉදිරිපත් කරනවා. (පොඩි අදහස් කිවුවට ඒවා ප්‍රාමාණයෙන් නම් පොඩි නෑ. කියන්න ගිය වෙලාවනම් පොඩ්ඩයි ) අන්න ඔය සිද්දියත් එක්ක අර බැහල තිබ්බ මොරාල් අප් උනා. ඒක නිසා අලුතෙන් බ්ලොග් එකක් පටන් ගන්න ඔනේ කිය්ලා හිතාගෙන තමයි මේ වැඩට බැස්සේ.
මේකේ ඉස්සරහට මොනව ලියයිද කියලනම් තාම සුවර් එකක් නෑ. එත මොන මොනවහරි වැදගත් දෙවල් ටිකක් මොරන්න ට්‍රයි එකක් දෙන්න හිතන් ඉන්නවා.
අදට ඔය ඇති.
මගේ අලුත් බ්ලොග් එකට සුභම සුභ උපන් දිනයක් වේවා !!!

1 comment:

  1. hi bro . oyata puluwande ? oyage FB id eka denna puluwanda ? please

    ReplyDelete