Sunday, January 8, 2012

Java - access modifiers

අද අපි බලමු ජාවා වල තියන access modifiers මොනවද කියලා.
තියෙන්නේ මොනවද කියන්න කලින් access modifiers එකක් කියන්නේ මොකද්ද කියලා සමහර අයට ප්‍රශ්නයක් ඇති.
access modifiers එකක් කියන්නේ ජාවා program එකක තියන class, variables, methods enums, etc.. වගේ ඒවා access කිරීම පාලනය කරන්න පාවිච්චි කරන්න පුලුවන් key words වගයක්.
ජාවා වල access modifires 4ක් පාව්ච්චි වෙනවා.
1. private
private කියන්නේ private තමයි ඉතින්. private එකෙන් modify කලොත් ඒක access කරන්න පුලුවන් ඒ class එකෙන්ම විතරයි.වෙන classes, method වලට තවත් class එකක තියන private access modifier එකෙන් modify කරපු ඒවා මොකක්වත් access කරන්න බෑ.

2. protected
මේකෙන් modify කලොත් එකම package එකේ ඕනේම class එකකට සහ එක extend කරන වෙනත් package වල තියන ඕනේම class වලට access කරන්න පුලුවන්.

3. default
මේ default කියල type කරන්නෑ. වෙන මොකුත් access modifier එකක් දාලා නැත්නම් තියෙන්නේ default access modifier එක තමයි.
එතකොට එකම package එකේ තියන ඕනේම class එකකට මේක access කරන්න පුලුවන්.

4. public
වචනයෙන්ම තේරෙනවානේ. ඔනේම package එකක තියන ඔනේම class එකකට access කරන්න පුලුවන්.

No comments:

Post a Comment