Thursday, January 12, 2012

Java - Network programming -1

මම කට්ටියට ජාවා වලින් Network programming කරන්න කියලා දෙන්න හිතුවා.
මේ යටතේ ජාවා වලින් සිම්පල් chat එකක ඉඳන් proxy server එකක් උනත් හදන්න වැඩිය අමාරුවක් නෑ. මම වෙලාව තියන විදියට කට්ටියට කියල දෙන්න try කරන්නම්. පුලුවන් කට්ටිය sup එක දෙන්න.
ජාවා වල Network programming කරන්න පාවිච්චි කරන ගොඩක් classes තියෙන්නේ java.net කියන package එකේ.
කට්ටියම දන්නවා ඇතිනේ අපි ගොඩක් වෙලාවට network program කරන්න පාවිච්චි කරන්නේ එක්කෝ TCP එහෙම නැත්නම් UDP[/color].
අපිට listen කරන්න TCP server එකක් හදන්න ඔනේ නම් අපි ServerSocket එකක් පාවිච්චි කරන්න ඕනේ. TCP client කෙනෙක් හදන්න පාවිච්චි කරන්නේ Socket කියන එක.

SeverSocket server = new ServerSocket(20000);

මෙතන 20000 කියලා දීලා තියෙන්නේ server එක connection වලට listen කරන් ඉන්න port number එක.අපිට එතනට 1 ඉඳන් 65536 වෙනකම් ඔනේ number එකක් දෙන්න පුලුවන්. හැබැයි ගොඩක් වෙලාවට කියන්නේ 2000 වැඩි එකක් පාවිච්චි කරන්න කියලා. ඒකට හේතුව අපි use කරන ගොඩක් applications 1 - 2000 අතර port use කරනවා.

Socket client = new Socket("localhost",20000);

locahost කියලා දීලා තියෙන්නේ අපි connect කරන pc එකේ ip address එක. eg. "192.245.3.4" මෙතන 20000 කියලා දීලා තියෙන්නේ server එක listen කරන් ඉන්න port number එක.
UDP වලදී Server එකක් හදන්නයි Client කෙනෙක් හදන්නයි දෙකටම පාවිච්චි කරන්නේ DatagramSocket කියන එක.

DatagramSocket udpServer = new DatagramSocket(20000);
DatagramSocket udpClient = new DatagramSocket();
මේවා පාවිච්චි කරන විදිය මම ඉස්සරහට කියලා දෙන්නම්

1 comment: