Sunday, January 8, 2012

ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට

මේ දවස් වල මට නිතරම කියවෙන සින්ඳුවක්. පට්ටම තේරුමක් තියනවා.

ඔබ නැතුව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට
නෙත ඔබව සොයනවා දවසෙම

මේ සීතල හිම ගිරි අරණේ
මට හමු වූ වනපස කුසුමේ
පෙති මත සතපා රැගෙන යන්න මා 
කුසුම් නිම්නයේ මාලතියේ

මේ ජීවන අවපස අහසේ
ඔබ පුරපස සඳ වී පිපුණේ
ඔබේ රැසින් මා දවාලන්න රෑ
ළය මත සනහා රාජිනියේ

1 comment: