Wednesday, August 14, 2013

නොසැලෙන්න

හරසුන් වදන්
සැම සිත් පාරවයි
නොමනා කතා
දෙසවන් රිදුම් දෙයි
නමුත් නුඹ නොසැලෙන්න 
නොතැවෙන්න කිසිදා 
ඇත නුඹට හැකියාව
දිරිය හා ඇල්ම
නොතැවී ඉඩදෙන්න 
නුඹේ ඔය පන්හිඳට
සිනිඳු පිටු කොල අතර
නිදහසේ දිවයන්න