Saturday, January 7, 2012

Java - Hello world

ජාවා මුල ඉඳලා කියලා දෙන්න ඔන්න ඉතින් මම හලෝ ලෝකය (Hello World) ඉඳන් පටන් ගන්නම්.
මම කලින් පෝස්ට් එකේ කියල දුන්නා වගේ JDK එක install කරලා path දැන් හදාගෙන ඇති කියලා හිතාගෙන තමයි
මම පටන් ගන්නේ.
කට්ටිය මුලින්ම ජාවා වලට අත ගහනවනම් නෝට්පෑඩ් (Notepad) එකෙන් පටන් ගන්න එක හොඳයි. එහෙම නැත්නම් IDE
එකක් පාවිච්චි කරන්නත් පුලුවන්. (මම නම් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ NetBeans IDE)
ජාවා වලට පාවිච්චි කරනන් පුලුවන් IDE ගොඩක් තියනවා.
1. NetBeans
2. Eclipse
3. JBuilder
වගේ ඒවා තමයි ගොඩක්ම ජනප්‍රිය.
මුලින්ම Notepad එක open කරගන්න.එකේ පහල තියන code එක type කරන්න.
class HelloWorld{
     public static void main(String a[]){
         System.out.println("Hello world !!");
     }
}දැන් මේ file එක කැමති තැනක HelloWorld.java කියල save කරගන්න. ( file name - HelloWorld.java, save type - All files )
දැන් අපි මේ file එක compile කරගන්න ඔනේ. ඒකට අපි පාවිච්චි කරන්නේ javac කියන command එක.
CMD එක open කරලා CMD එකෙන් අපේ file එක save කරපු තැනට යන්න.
(file එක save කලේ D:\Java\test කියන Folder එකේ නම් දැන් CMD එකේ තියෙන්න ඔනේ D:\Java\test)
දැන් CMD එකේ javac HelloWorld.java කියලා
type කරලා Enter ඔබන්න.(CMD එක close කරන්න එපා)
කට්ටිය හරියට code එක type කලානම් දැන් අපේ file එක compile වෙලා ඉවරයි. compile කලාම අපි file එක save කරපු තැන HelloWorld.class කියලා තව file එකක් හැදෙනවා. එකට මොකුත් කරන්න යන්න එපා. ජාවා වල තියන විශේෂ ලක්ෂණයක් තමයි ඒ file එක. ඒකට කියන්නේ bytecode එක කියලා. අපිට අපි type කරපු file එක ලාවට වගේ තේරුනාට computer එකට ඔය මඟුල තේරෙන් නෑ. අඩු ගානේ JVM එකටවත් ඕක තේරෙන් නෑ. ඒක නිසා JVM එක ඌට තේරෙන භාශාවකට අපි ලියපු code එක convert කරගන්නවා. එහෙම කලාම එන file එක තමයි ඒ .class file එකේ තියෙන්නේ. (වැඩිය හිතන්න යනන් එපා ;) )
දැන් අපිට මේ file එක run කරන්න පුලුවන්.
ඒක කරන්න CMD එකේ java HelloWorld කියලා type කරලා Enter ඔබන්න.
එතකොට CMD එකේ Hello World !! කියලා print වෙයි.

දැන් අපි බලමු ඇතටම මොකද්ද වෙන්නේ කියලා.
class HelloWorld{
     public static void main(String a[]){
         System.out.println("Hello world !!");
     }
}
class කියනේ java keyword එකක්. ඒක අනිවාර්යෙන් ඔනේ. එතකොට තමයි JVM (java
virtual machine) එක අඳුරගන්නේ මේ තියෙන්නෙ java class එකක් කියලා. HelloWorld කියන්නේ අපි හදන class එකේ නම. මේකට අපිට කැමති නමක් දෙන්න පුලුවන්. හැබැයි මතක තියාගනන් ඔනේ අපිට නමක් පටන් ගන්න පුලුවන් English (A-Z, a-z) අකුරකින් හරි '_' (underscore)එකෙන් හරි විතරයි. නම මැද ඉලක්කම් තියෙන්න පුලුවන්.
{ කියන්නේ මෙතන ඉඳන් class සීමාව පටන් ගන්නවා වගේ සීන් එකක්. ඒක තමයි එකේ ආරාම්භක ස්ථානය. මේ සීමාව ඉවර වෙන්නේ අන්තිමටම තියන } (in 5th line)ගාවින්.
public static void main(String a[])කියන්නේ main method එක. අපි java class එකක් run කරනකොට JVM එක මුලින්ම හොයලා බලනවා අපේ class එකේ මේ main method එක තියනවද කියලා.එහෙම නැතිනම් JVM එක main method එක හොයා ගන්න බෑ කියලා error message එකක් පෙන්නනවා.
(public static void main(String a[]) වෙනුවට public static void mainhgh(String a[]) කියල file එකේ type කරලා ආයි compile කරලා run කරලා බලන්න.) ඕනේම java class එකක් run වෙන්න පටන් ගන්නේ මෙන්න මේ main method එකෙන් තමයි.(servlet run වෙන්න මේ එක ඔනේ නෑ ඒවා පස්සේ කියලා දෙන්නම්)
System.out.println("Hello world !!");
අපිට console එකේ මොකක් හරි print කරගන්න ඕනේනම් අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ println() කියන method එක. වරහන් දෙක ඇතුලේ අපිට print කරගන්න ඔනේ එක type කරන්න පුලුවන්.
කට්ටියට නොතේරෙන දෙයක් තියනවනම් අහන්න.:D

No comments:

Post a Comment