Sunday, May 20, 2012

nodejs

මම අද කියලා දෙන්න යන්නේ අලුත්ම සීන්කෝන් එකක් ගැන. අලුත් කිවුවට ඉතින් මේක අලුත්මත් නෑ. හැබැයි ගොඩක් කස්ටියට මේක ගැන එච්චරම අවබෝධයක් නෑ (මටත් කියලා ඉතින් එහෙමම idea කියලා එකක් නෑ. මම try කරන්නේ මාත් ඉගෙනගනිමින් කස්ටියට කියලා දෙන්න.)
වැඩි බයිලා ඕනේ නෑනේ ඉතින්, මම කස්ටියට කියලා දෙන්න යන්නේ nodejs ගැන. සමහර කස්ටියට js කියන කෑල්ල දැක්ක ගමන් මීටර්වෙන්නැති මේක මොකක් හරි js සීන් එකක් කියලා (ඒ කියන්නේ javascript සීන් එකක් කියලා). කස්ටියට එහෙම හිතුනනම් හරි.





අපි දැන් බලමු මොකද්ද මේ nodejs කියන්නේ කියලා

කස්ටිය හැමෝම වගේ දන්නවා ඇති සාමාන‍ය්‍යයෙන් අපි javascript use කරන්නේ client side scripting වලට කියලා. ඒ කියන්නේ cleint ගේ පැත්තේ එහෙමත් නැත්නම් webbrowser එකේ validate කරන්න වගේ මොනවා හරි දෙයක් කරන්න. හැබැයි traditional javascript එහෙම උනාට nodejs අපි use කරන්නේ server side එකේ.
සරලවම කිවුවොත් nodejs කියලා කියන්නේ ගූගල් (Google) සමාගමේ ඉතා ජනප්‍රිය ( ඒ උනාට අම්බානේට memory කන ) Google chrome webbrowser එකේ javascript engine එක උඩ ඒ කියන්නේ v8 උඩ build කරපු javascript platform එකක්. (v8 javascript engine එක ගැන වැඩි විස්තර ඕනේ කස්ටියට මෙන්න මේ link v8 javascript engine එකට ගිහින් බලාගන්න පුලුවන් )
nodejs use කරන්නේ ඉතා පහසුවෙන්, වේගවත් ඒ වගේම පහසුවෙන් scale කරන්න පුලුවන් network application හදන්න. (Node.js is a platform built on Chrome's JavaScript runtime for easily building fast, scalable network applications)
nodejs වල use කරන්නේ event-driven කියන programming paradigm එක. ඒ කියන්නේ කාටත් තේරෙන සිංහලෙන්  කිව්වොත් program එකේ flow එක (program flow කියලා කියන්නේ program එක කොයි පිළිවලටද execute/run වෙන්නේ කියන එක) තීරණය වෙන්නේ සිද්ද වෙන event මත. ඒ වගේම nodejs use කරනවා දැන් අවුරුදු කීපයකට කලින් ජනප්‍රිය වෙච්ච  NIO එහෙමත් නැතිනම් Non-blocking IO කියන concept එක. මෙන්න මේ සීන් ටික නිසා nodejs පට්ට speed. ඒ නිසා eBay, Linkedin, Yahoo, Microsoft වගේ comapny වල realtime applications දැන් nodejs use කරනවා.

දැන් කස්ටියට නිකං නිදිමතයි වගේනම් අපි nodejs use කරගෙන හැමදාම කරනවා වගේ "හලෝ ලෝකය - Hello world" ගහලා බලමු.
අපිට nodejs run කරගන්න nodejs install ,text edit කරන්න පුලුවන් මොකක් හරි text editor එකකුයි, javascript  run වෙන මොකක් හරි webbrowser එකක් තියනවානම් වැඩිත් එක්ක.
nodejs installer එක කස්ටියට මෙන්න මේ nodejs installer link එකෙන් download කරගෙන install කරගන්න පුලුවන්.

එහෙම install කරගත්තට පස්සේ අපි environment variable path එක set කරගන්න එක ලේසියි. එහෙම නැතිනම් හැම තිස්සෙම nodejs install කරලා තියන location එක දෙන්න වෙනවා. path එක set එක දෙයක් ඇත්තෙම නෑ. java path එක set කරනවා වගේම තමයි. වෙනසකට තියෙන්නේ අපි path එක විදියට C:\Program Files\Java\jdk1.7.0_03\bin"" වෙනුවට දෙන්නේ අපෙ node js install කරල තියන floder location එක. මගේ machine එකේ විදියටනම් "C:\Program Files (x86)\nodejs" කියලා. (කස්ටියට path එක set කරන විදිය ගැන ideA එකක් නැත්නම් මම ජාවා වල path එක set කරන විදිය ගැන ලියලා තියන post එක බලන්න ---> How to set jdk path in windows 7 )

2 comments: